1979 04.01 වර්ෂයේ එම්.ජි.විජේරත්න මහතා ටි.වි. පියසේන මහතා ඇතුලු තෙනගල්ලන්ද ග්‍රාමයේ බොහෝ පිරිසකගේ මුලිකත්වයෙන් ඉලුක් සෙවිලි කරනලද කටුමැටි ගැසු ගොඩනැගිල්ලක මුලින්ම පාසල ආරම්භ කරන ලදි.මොනරගල පර්ලිමේන්තු මන්ත්‍රී ඒ.මූ. පුන්චිබණ්ඩාර මැතිතුමා විසින් මෙම විදුහල විවෘත කරන ලදි. එදින උත්සව සභාවට මොනරාගල ප්‍රාදේශිය අධ්‍යාපන අමාත්‍ය තුමා, මොනාරගල මාණ්ඩලික අධ්‍යාපන නිලධාරිතුමා,මොනාරගල ප්‍රාදේශීය උපදිසාපතිතුමා, ග්‍රාම සංවර්ධන නිලධාරිතුමා ඇතුළු ප්‍රභූ මහතුන් කිහිප පළක්ම සහභාගි වූහ.පාසලේ මුල්ම විදුහල්පතිතුමා වන්නේ එම්.එම්, මුතුබණ්ඩා මහතාය .බිසෝ මැණිකා මහත්මිය,මාලිනී පෙරේරා මහත්මිය හා බණ්ඩාර මැණිකා මහත්මිය මෙම පාසලේ මුල්ම ගුරුතුමියන් වුවා ය.
|
ආරම්භ කළ වර්ෂය |
1979 අප්‍රේල් 01 |
|
එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව |
03 |
|
මුල් ගුරුතුමාගේ නම |
එම්.එම්.මුතුබණ්ඩා මහතා |
|
පාසලේ මුල් ගොඩනැගිලි ගණන |
01 |
|
පාසලේ නම |
මො/තෙනගල්ලන්ද කණීටු විදුහල |
|
පාසල භාරව කටයුතු කිරීම |
එම්.එම්.මුතුබණ්ඩා මහතා |
|
පාසල රජයට පවරාගත් දිනය |
1979 අප්‍රේල් |
|
පාසල පැවැත්වූ ස්ථානය |
තෙනගල්ලන්ද |
|
ප්‍රථම ශීෂ්‍යයා භාරගත් වකවානුව |
1979 අප්‍රේල් |






