මො /තෙනගල්ලන්ද මහා විද්‍යාලය

දෙවන අභිශේක කලා මංගල්‍ය 2024

whatsapp-image-2024-11-18-at-12.26.43_deaf16eb.jpg
WhatsApp Image 2024-11-18 at 11.38.18_1d13ed72.jpg

විදුහල්පති පණිවිඩය

ජී.ඒ.නිසාමනි සාරංගා මිය

1979 වර්ෂයේදී ආරම්භ කළ අප පාසල ජීවන ගමනේ හතළිස් පස්වන වසර අභිමානයෙන් සැමරූ අතර අපගේ දැක්ම වන්නේ "හොද පාසලක් ඉතා හොද ඉගෙනුමක් පිරිපුන් පුරවැසියෙක්" රටට දායාද කිරීමයි. විෂය සමගාමී මෙන්ම විෂය පරිබාහිර ක්‍රියාකාරකම් වලට සාර්ථක අන්දමින් දරුවන් මෙහෙයවනු ලබන මෙහි ක්‍රීඩා , සෞන්දර්යය , සාහිත්‍යය මෙන්ම තොරතුරු තාක්ෂණ අංශයේද සුවිශේෂී දියුණුවක් අත් පත් කරගෙන ඇති බව සතුටින් පැවසිය යුතුමය.  විද්‍යාලයේ ප්‍රගමණය වෙනුවෙන් දියත් කරන කටයුතු අතර අලුතින් සකස් වූ මෙම වෙබ් අඩවිය සන්නිවේදන මෙහෙරට ඵලදායී රුකුලක් වනු ඇතැයි මාගේ විශ්වාසයයි. දිගු දැක්මත් ඇතිව දිගු ගමනක් යන්නට මේ වෙබ් අඩවිය හා එක් වන්නට සැමට ආරධනා කරනු අතර මේ මහගු කර්තවයට උරදුන් දිරි දුන් සැමට මගේ කෘතඟූතාවය පිරිනමමි...

ජී.ඒ.නිසාමනි සාරංගා මිය
විදුහල්පති
මො/තෙනගල්ලන්ද මහා විද්‍යාලය.