මො /තෙනගල්ලන්ද මහා විද්‍යාලය

දෙවන අභිශේක කලා මංගල්‍ය 2024

whatsapp-image-2024-11-18-at-12.26.43_deaf16eb.jpg
WhatsApp Image 2024-11-18 at 11.38.18_1d13ed72.jpg

නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය (සංවර්ධක)

H.G.රසික සමීර ගමගේ මයා

ගුණාත්මක අධ්‍යාපන යක් තුළින් පිරිපුන් දරුවෙකු බිහි කිරීමට  යන ගමන් මගේ දරුවාගේ දැනුම,කුසලතා ,ආකල්ප වර්ධනය අපගේ අධ්‍යාපනයෙන් බලාපොරොත්තු වේ.අපගේ අධ්‍යාපනයේ ජාතික අරමුණ නවයක්  හා නිපුණතා පහක් ඔස්සේ විහිදී ඇත .එය අපගේ අධ්‍යාපනය තුළින් හා නිපුණතා වලින් සපිරි දරුවෙකු සමාජයට දායාද කිරීමට අවශ්‍ය වේ

අධ්‍යාපනයේ අරමුණු වෙනත් ආයතන මෙන් නොව දීර්ඝකාලීන අරමුණු වේ.එනම් අප දරුවන් ගේ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියේ සාර්ථකත්වය මැන බැලිය හැක්කේ ඔවුන් සමාජයට ගොස් ක්‍රියා කරන ආකාරයෙනි

අධ්‍යාපනයේ මූලික අරමුණක් වන්නේ ස්‍රීග්‍ර ආර්ථික හා සමාජමය සංවර්ධනයක් සදහා අවශ්‍ය වන දක්ෂතා සහ තාක්ෂණික නිපුණතා ලබාගත හැකි අධ්‍යාපන ක්‍රමය ක් ඇති කිරීමය

21 වන සියවසට ගැලපෙන සුහුරු පාසලක් හා සුහුරු පන්ති කාමරයක් පාසල තුළ සංවර්ධන ය කිරීමට යන ක්‍රියාවලියේ ඉගෙනුම් ඉගැන්වීම් හා ඇගයීම් ක්‍රියාවලිය සදහා නව තාක්ෂණය භාවිතා කිරීම වර්තමානයේ සීග්‍රයෙන් සිදු වෙමින් පවතී.අපද එය පෙර දැරි කරගෙන පාසලේ  වෙබ් අඩවියක් නිර්මාණය කිරීම තුළින් පාසලේ අධ්‍යාපනික ක්‍රියාවලියට සක්‍රීය දායකත්වයක් අපේක්ෂා කරමි

H.G.රසික සමීර ගමගේ මයා
නියෝජ්‍ය විදුහල්පති (සංවර්ධන)
මො/තෙනගල්ලන්ද මහා විද්‍යාලය.